Wednesday, May 22, 2013

පැරණි රියදුරු බලපත්‍ර ඉදිරියේදී අහෝසි වෙයි


   පැරණි රියදුරු බලපත්‍ර ඉදිරියේදී අහෝසි වෙයි?

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත "රියදුරු අභිවෘදී ලකුණු ක්‍රමය" ක්‍රියාත්මක වීමත් සමග පැරණි රියදුරු බලපත්‍ර හිමි ලක්ෂ 40 කට පමණ නව "සමාර්ට්" රියුදුරැ බලපත්‍රය ගැනීමේ අවධානමක් මතුවී ඇත.

ඒ අනුව "රියදුරු අභිවෘදී ලකුණු ක්‍රමය" පළමුව දැනට ස්මාර්ට් රියදුරු බලපත්‍ර ඇති රියදුරන් සඳහා ක්‍රියාත්මක වෙන අතර පසුව ලක්ෂ හතළිහක් පමණ වන පැරණි රියදුරු බලපත්‍ර හිමි අයට එම ලකුණු ක්‍රමය ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව පැරණි රියදුරු බලපත්‍ර හිමියන්ට තමන්ගේ පැරණි රියදුරු බලපත්‍රය ලබාදී "සමාර්ට්" රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ හැකියාවක් පවතී.මේවනවිට පැරණි බලපත්‍ර හිමියන්ට මෙම නිතිය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබඳ සාකච්ඡා කරමින් පවතී.

"රියදුරු අභිවෘදී ලකුණු ක්‍රමය" ක්‍රියාත්මක කරන කාල වකවානුව එළඹෙන අලුත් අවරුදු සමයෙන් පසුව දැනුම් දීමට නියමිතයි
රියදුරු වැරදි හා යෝජිත දඬුවම් ලකුණු
   1. අනතුරක් වැළැක්වීමට උත්සාහ නොකිරීම (දඬුවම් ලකුණු 6)
   2.
අවදානම් සහගත තැන්වල වේගයෙන් ධාවනය (දඬුවම් ලකුණු 8)
   3.
අධිවේගී මාර්ගයේ නොසැලකිලිමත් ධාවනය  (දඬුවම් ලකුණු 8)
   4.
අනතුරක් සිදුවූ පසු නොනැවතී ධාවනය (දඬුවම් ලකුණු 10)
   5.
අනතුරක් වූ පසු ළ`ගම පොලිසියට දන්වා නොතිබීම(දඬුවම් ලකුණු 10)
   6.
වේග සීමා අභිබවා ධාවනය(දඬුවම් ලකුණු 6)
   7.
පාරේ වම් ධාවන තීරුවේ ධාවනය නොකිරීම(දඬුවම් ලකුණු 2)
   8.
පාර පැහැදිලි නැති තැනක වැරදි ලෙස ඉස්සරකිරීම(දඬුවම් ලකුණු 6)
   9.
වැරදි පැත්තෙන් ඉස්සර කිරීම(දඬුවම් ලකුණු 4)
  10.
දකුණු පස වාහනයට ඉඩ නොදීම (දඬුවම් ලකුණු 4)
  11.
අහේතුකව අධිවේගී මාර්ගයේ දිගු දුරක් පසුපස පැදවීම(දඬුවම් ලකුණු 4)
  12.
මාර්ග සලකුණු නොතකාහැරීම (දඬුවම් ලකුණු 6)
  13.
පොලිස් සලකුණු දැක්වීම් හා වාචික විධාන නොතකා හැරීම(දඬුවම් ලකුණු 6)
  14.
නියමිත පරිසර පරීක්ෂණ අසමත් වාහන ධාවනය (දඬුවම් ලකුණු 6)
  15.
නියමිත ශබ්දයන්ට වැඩි හඬ නගන වාහන ධාවනය(දඬුවම් ලකුණු 6)
  16.
තහනම් තැන්වල හෝන් ගැසීම (දඬුවම් ලකුණු 6)
  17.
පුද්ගලයකුට වාහනයකට හෝ මාර්ගයට හානිකර ප‍්‍රමිතියෙන් තොර වාහන භාවිතය(දඬුවම් ලකුණු 10)
  18.
ආසන ආරක්ෂණ පටි නොපැළඳීම (දඬුවම් ලකුණු 3)
  19.
වංගු-ද්විත්ව ඉරි ආදි තහනම් තැන්වල වාහන ඉස්සර කිරීම (දඬුවම් ලකුණු 4)
  20.
කහ ඉරි අසළදී වාහන නැවැත්වීමට අසමත්වීම(දඬුවම් ලකුණු 6)
  21.
හෙල්මට් නැතිව මෝටර් සයිකල පැදවීම(දඬුවම් ලකුණු 4)
  22.
සෙල්ෆෝන ආදී උපකරණ අතින් පරිහරණය කරමින් වාහන ධාවනය(දඬුවම් ලකුණු 4)

1 comment:

  1. රියදුරු බලපත්‍රය අංක දැනගන්න

    ReplyDelete